Friday, 20 September 2024
නව පුවත්

දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන අතර ම බස්නාහිර, දකුණු, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
 

Posted On Thursday, 24 May 2018 05:24

ආපදාවක් සිදුවුවහොත් කඩිනමින් ඒ පිළිබඳ දැනුම් දීමට ස්වදේශ කටයතු අමාත්‍යාංශය විසින් 1902 හදිසි ඇමතුම් අංකය ලබා දී ඇත.

Posted On Thursday, 24 May 2018 05:22

ගංවතුර, නායයෑම් වැනි හදිසි ආපදා තත්වයන් නිසා පීඩාවට පත්ව ඇති ජනතාවට, එම ප්‍රදේශවල පිහිටි ලංකා සතොස අලෙවි සැල් මගින් අත්‍යවශ්‍ය වියළි ආහාර ද්‍රව්‍ය දිස්ත්‍රික් ලේකම් කාර්යාල වල ඉල්ලීම් වලට අනුව වහාම ලබාදීමට පියවර ගන්නා මෙන් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ලංකා සතොස පාලනාධිකාරියට හා කළමනාකරැවන් සියලු දෙනාට දන්වා ඇති බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටි.

Posted On Wednesday, 23 May 2018 08:21

පුද්ලයින් 27621 දෙනෙකු ආරක්ෂිත ස්ථාන 194ක තාවකාලිකව රඳවා තිබෙන බව ආපද කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි.

Posted On Wednesday, 23 May 2018 08:14

අයහපත් කාලගුණය හේතුවෙන් කඩුවෙල කොළඹ නව නුවර මාර්ගයේ බියගම දෙස සිට කඩුවෙල පිවිසෙන ස්ථානයේ පාලම මේ වන විට ගිලා බැසීමේ අවදානමකට ලක් වී පවතින අතර මේ හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු නවතා දමා ඇත.
 

Posted On Wednesday, 23 May 2018 08:11