Friday, 20 September 2024
නව පුවත්

දිවයින අභ්‍යන්තරයේ සහ දිවයින වටා මුහුදු ප්‍රදේශවල පවතින සුළගේ වේගය ජුනි මස 11 දින දක්වා (අද) පැවතිය හැකි අතර ඉන් පසුව සුළගේ වේගය ක්‍රමයෙන් අඩු වනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Posted On Monday, 11 June 2018 06:53

වෛරස් උණ රෝගයෙන් දරුවන් ආරාක්ෂා කරගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය හා සෞඛ්‍ය අමාත්‍යාංශය එක්ව විශේෂ දැනුවත් කිරීමේවැඩසටහනක් අරඹයි.

Posted On Monday, 11 June 2018 06:52

විවිධ ජාතීන් විවිධ ජන වර්ග ජීවත් වන රටක් ලෙස අප සියලූ දෙනාටම ගරු කළ යුතුයි. ඒ සියලූම ජන කණ්ඩායම්වලට තම තමන්ගේ සංස්කෘතිය බුක්ති විඳීමේ අයිතින් ලබා දිය යුතුයි යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

Posted On Thursday, 07 June 2018 05:48

නිරිත දිග මෝසම සක්‍රීය වීම හේතුවෙන් දිවයින අභ්‍යන්තරයේ සහ දිවයින වටා වන මුහුදු ප්‍රදේශ වල සුළං තත්ත්වය ඉදිරි දින කිහිපයේදී වැඩි විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Posted On Thursday, 07 June 2018 05:45
ඉන්ෆ්ලුවෙන්සා වෛරසය රුබෙල්ලා, සරම්ප වැනි වෛරස තත්ත්වයක් නොවන බවත් ඉන්ෆ්ලුවෙන්සා වෛරසය තම ස්වරූපය අභ්‍යන්තර වශයෙන් මෙන් ම බාහිර වශයෙන් ද වෙනස්කරගන්නා සුවිශේෂ වෛරස තත්ත්වයක් බැවින් ඒ සඳහා එන්නතක් භාවිත කිරීම අභියෝගයක් බව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස් රෝග විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා පැවසීය.
 
ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (04) සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.
 
වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත ලැබුණු සෙම් පටල අති නවීන මවුලික පරීක්ෂවලට භාජනය කිරීම හරහා ප්‍රධාන වශයෙන් ඉන්ෆ්ලුවෙන්සා A වෛරසය හඳුනාගෙන ඇති බවත් සුළු වශයෙන් RSV හා ඇඩිනෝ වෛරසය හමු වූ අවස්ථාවන් ද ඇති බව පෙන්වාදෙන වෛරස් රෝග විශේෂඥ වෛද්‍යවරයා මෙම කාලය සාමාන්‍ය වශයෙන් මෙම වෛරසය පැතිරීම සිදුවීම වසර 10ක පමණ සිට හඳුනාගෙන ඇතැයි ද පැවසීය.
 
වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා සෙම්පටල හොංකොං වෙත යවා ඇතැයි ද පෙන්වාදුන් ඒ මහතා මෙම වෛසරය සඳහා එන්නතක් ලබාදීමට කටයුතු කරන්නේ නම් එය වාර්ෂිකව ලබාදීමට කටයුතු කළ යුතු බවත් එන්නතක් දිය යුතුද නැද්ද යන්න සියලු ම සුවිශේෂි ලෙසින් සැලකිල්ලට ගත යුතු බවත් වැඩිදුරටත් පෙන්වා දුනි.
 
Posted On Tuesday, 05 June 2018 05:18