බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට වැසි ඇති වන අතර උතුරු මැද පළාතේ සිහින් වැසි ඇතිවිය හැක. සබරගමුව, මධ්‍යම සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සමහර ස්ථාන වලට මි.මී.75 ක පමණ තරමක් තද වැසි බලාපොරොත්තු විය හැක. දිවයින හරහා විටින් විට හමන පැ.කි.මී. 50-60 දක්වා ප්‍රහාරාත්මක සුළං (Gusty winds) බලාපොරොත්තු වන බවද කාලගුණවිද්‍යා දෙපාර්තමින්තුව නිවේදනය කරයි.