2019 මුදල් වර්ෂය සඳහා වූ විසර්ජන පනත් කෙටුම්පත ඔක්තෝම්බර් මස දෙවන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇත.
ඊසාන දිග මෝසම් වර්ෂාවත් සමග ඉහල යා හැකි ඩෙංගු රෝගීන් සංඛ්‍යාව අවම කීරීමේ අරමුණින් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය සහ ඩෙංගු මර්දනය පිලිබද ජනාධිපති කාර්‍යය සාධක බලකාය ඒකාබද්ධව
හෙරොයින් ඇතුළු විෂ මත්ද්‍රව්‍ය පිළිබඳව තොරතුරු ලබා ගැනීම සඳහා පොලිස් මූලස්ථානයේ විශේෂ මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කිරීමට පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා විසින් තීරණය කර ඇත. පොලිස්පතිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කරන මෙහෙයුම් මැදිරිය අද (18) පෙරවරු 6.00ට ආරම්භ වී නැවත දැනුම් දෙන තුරු පැය 24 පුරාම ක්‍රියාත්මක වේ.
උප්පැන්න, විවාහ සහ මරණ සහතික කඩිනමින් ලබාදීමේ සේවාව ඊයේ (17) බත්තරමුල්ල රෙජිස්ට්‍රාර් ජනරාල් කාර්යාලයේ දී ආරම්භ කෙරිණි.
දිවයින හරහා, විශේෂයෙන් මධ්‍යම, වයඹ, උතුරු මැද සහ දකුණු පළාත්වලත් බදුල්ල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 50 දක්වා තරමක තද සුළං ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.