Friday, 20 September 2024
නව පුවත්

ලෝක ආර්ථික සමුළුවේ ආරාධනය මත ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වියට්නාමයේ හැනොයි නුවර පැවැත්වෙන ‘ආසියාන්’ ලෝක ආර්ථික සමුළුව සඳහා සහභාගී වීමට අද (10 වන දා) පිටත්ව යනු ඇත.

Posted On Monday, 10 September 2018 04:23

ඖෂධ ප්‍රතිපත්තිය ශ්‍රී ලංකාවට හදුන්වා දුන් මහාචාර්ය සේනක බිබිලේ මහතාගේ ගුණ සමරු උත්සවය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී අද (10) පස්වරු 3.00 ට පැවැත්වීමට කටයුතු යොදා ඇත.

Posted On Monday, 10 September 2018 04:18

ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටිනුයේ ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසයි. එහි සභාපති කේ ඒ අන්සාර් පැවසුවේ පවතින වියළි කාලගුණය නිසා මේ දිනවල ජල පරිභෝජනය වැඩිවී ඇති හෙයින් ඇතැම් ප‍්‍රදේශවලට ජලය අඛණ්ඩව සැපයීමද දුෂ්කර වී ඇති බවයි.

Posted On Friday, 07 September 2018 05:49

නායයෑම් අතුලු අධි අවධනම් ආපදා හේතුවෙන් අධි ආවදානම් ප්‍රදේශවල ජිවත්වන ජනතාවට ස්ථිර නිවාස ලබා දිමේ රජයේ වැඩ පිළිවල යටතේ නුවරඑළිය දිස්ත්‍රික්කය සඳහා නිවාස 861 ක් සැදීමට අවශ්‍ය මුලික කටයුතු සිදු කරමින් සිටින බව දිස්ත්‍රික් ලේකම් එම්.බී.ආර් පුෂ්පකුමාර මහතා පැවසීය.

Posted On Friday, 07 September 2018 05:41

ඉදිරි දෙසතිය තුළ පෞද්ගලික රෝහල් ගාස්තු නියාමනය සිදු කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
 

Posted On Friday, 07 September 2018 05:40