Tuesday, 22 October 2024
නව පුවත්

කොළඹ, කලුතර, මහනුවර, ගම්පහ, ගාල්ල, මාතර, පුත්තලම, රත්නපුර, කෑගල්ල සහ යාපනය යන දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ ඩෙංගු මර්දන ඒකකය මගින් සැලසුම් කර ඇත.

Posted On Wednesday, 30 October 2019 04:31

ජනාධිපතිවරණය 2019 ට අදාළව ඡන්ද පොළ හා ඡන්දය ගණන් කිරීමේ මධ්‍යස්ථානවල මැතිවරණ රාජකාරි සඳහා රාජ්‍ය නිලධාරින් ලක්ෂ 02කට ආසන්න පිරිසක් යෙදවීමට නියමිත බව නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් (පාලන) ජේ.ඒ.එස්.පී. ජයසිංහ මහතා රජයේ නිලපුවත් වෙබ් අඩවියට ප්‍රකාශ කළේ ය.

Posted On Monday, 28 October 2019 14:25

ජනාධිපතිවරණයෙහි නිල ඡන්ද දැන්වීම් පත‍්‍රිකා ඔක්තෝබර් මස 25 වනදා අද තැපැල් දෙපාර්තමේන්තුව වෙත භාර දීම සිදු විය.

Posted On Friday, 25 October 2019 08:32

කොළඹ - මඩකළපුව දුම්රිය මාර්ගයේ අවුකන ප‍්‍රදේශයේදී පසුගියදා (21) දුම්රිය පීිලී පැනීම හේතුවෙන් හානියට පත් වූ දුම්රිය මාර්ගයේ සියලූම ප‍්‍රතිසංස්කරණ කටයුතු අද වන විට අවසන් බව දුම්රිය දෙපාර්තුමේන්තුවේ නියෝජ්‍ය ගමනාගමන අධිකාරි වී.එස්.පොල්වත්තගේ මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.

Posted On Friday, 25 October 2019 08:31

පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වන මුහුදු ප්‍රදේශයේ පවතින ක්‍රියාකාරී වළාකුළු පද්ධතිය හේතුවෙන් එම මුහුදු ප්‍රදේශවල තද වැසි ඇති විය හැකි අතර, සුළං වේගය ක්ෂණික පැයට කි.මී 70-80 පමණ ඉහළ යා හැකි බවත් මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රළු වීමට වැඩි හැකියාවක් ඇති බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Posted On Thursday, 24 October 2019 09:11