ඡන්දය ගණන් කිරීමේ රාජකාරි සඳහා රාජ්‍ය නිලධාරීන් 48,000ක් යෙදවීමට නියමිත බවද ඡන්ද පොළ කාර්ය මණ්ඩල සඳහා රාජ්‍ය නිලධාරින් 98,000ක් පමණ යෙදවෙන බවද ජයසිංහ මහතා කීය.
එමෙන් ම සුබසාධන, ප්‍රවාහන ආදී කමිටු සඳහා නිලධාරීන් 10,000ක් යෙදවෙයි.නිලධාරින් 10,000කින් සමන්විත සංචිතයක් ද ක්‍රියාත්මක වෙයි. ජනාධිපතිවරණ ඡන්ද විමසීම් සිදුවන ඡන්ද මධ්‍යස්ථානවල අවම වශයෙන් නිලධාරීන් 08ක් පමණ රජකාරියේ නියැලෙන බව ද එය එක් එක් ඡන්ද පොළ අනුව නිලධාරී සංඛ්‍යාව වෙනස් විය හැකි බවද ජයසිංහ මහතා සඳහන් කළේ ය.
ඡන්දය ගණන් කිරීම් සිදුවන දිනවල අවශ්‍යතාවය අනුව අතිරික්ත කාර්ය මණ්ඩල යෙදවීමට පියවර ගන්නා බව ද ප්‍රකාශ කළ ජයසිංහ මහතා, මේ වනවිටත් මැතිවරණ රාජකරිවලට රාජ්‍ය නිලධාරීන් යෙදවීමේ කටයුතු සිදු කරමින් පවතින බව සඳහන් කළේ ය.