මෙම සතිය තුළ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය පත් කෙරෙනු ඇති බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසයි.
කොරෝනා වෛරසය හේතුවෙන් ලංකාවේ සංචාරය සඳහා විදේශිකයන්ට මේ වන තෙක් කිසිදු බියක් හෝ බාධාවක් ඇති කර ගත යුතු නැතැයි ශ්‍රිලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ මහජන සම්බන්ධතා අංශයේ අධ්‍යක්ෂිකා මධුභාෂිණි පෙරේරා මහත්මිය රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.
අන්තර්ජාලය ඔස්සේ රියදුරු බලපත්‍රය සඳහා වෛද්‍ය වාර්තාව නිකුත් කිරිමේ දී භාවිතා වන වර්තමාන ක්‍රමවේදය තුළ මහජනතාව දැඩි පීඩාවට පත්විම හේතුවෙන් එම අපහසුතාවය මඟ හරවා ගැනිම සඳහා හඳුන්වාදුන් online app එක අද (27) සිට ක්‍රියාත්මක බව මඟි ප්‍රවාහන ඇමති මහින්ද අමරවීර මහතා පැවසිය.
චීනයේ සිග්‍රයෙන් පැතිර යන නව කොරෝනා වෛරසයට ගොදුරුවීමෙන් පුද්ගලයින් මේ වන විට ජිවිතක්ෂයට පත්ව ඇති බවත් විශාල සංඛ්‍යාවක් රෝගයට ගොදුරුවූ ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කැස්ස,සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්ෂණ ඇති අයෙක් පොදු ස්ථානවලට හෝ ජනාකීර්ණ ස්ථානවලට යන්නේ නම්,මුඛ ආවරණයක් පැළදීම වඩාත් සුදුසු බව ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුගත් සමරවීර මහතා අද (27) රජයේ නිල පුවත් අඩවිය පැවසීය.