Saturday, 27 April 2024

අ.පො.ස. උසස් පෙළ ප්‍රතිඵල අද අන්තර්ජාලයට

Posted On Friday, 27 December 2019 05:57

2019 අ.පො.ස. උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අද (27) අන්තර්ජාලයට නිකුත් කිරීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.



විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කරන්නේ විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය http://www.doenets.lk වෙබ් අඩවියෙන් ප්‍රතිඵල ලබා ගත හැකි බවයි.

මෙවර විභාගය සඳහා අයදුම්කරුවන් තුන් ලක්ෂ 37,704 දෙනෙකු පෙනී සිටි අතර නව නිර්දේශය යටතේ ඉක් අපේක්ෂකයන් එක්ලක්ෂ 98,229 දෙනෙකු පෙනි සිටි අතර පැරණි විෂය නිර්දේශය යටතේ අපේක්ෂකයින් එක් ලක්ෂ 39,475 දෙනෙකු පෙනී සිට තිබේ.