Thursday, 02 May 2024
නව පුවත්

මේ වන විට නිකුත් වී ඇති ඡන්ද ප්‍රතිඵල අනූව ඊයේ (05) පැවති මහ මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබමින් ඉදිරියෙන් සිටී.

Posted On Thursday, 06 August 2020 16:18

2020 පාර්ලිමේන්තු මහා මැතිවරණය ඡන්දය ප්‍රකාශ කිරීම අද (05) පෙරවරු 7.00 ට ආරම්භ වූ අතර පස්වරු 5.00 ට අවසන් විය.

දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 12,885 ක සුදුසුකම් ලැබූ ලියාපදිංචි ඡන්ද දායකයින් 16,263,885 පිරිසක් මෙවර ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා තිබුණි.

Posted On Wednesday, 05 August 2020 16:31

රජයේ සියලු නිල තොරතුරු හා ප්‍රවෘත්ති සමාජගත කිරීමේ ව්‍යස්ථාපිත වගකීම පැවරී ඇති ආයතනය වන රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵල ලද සැනින් සජීවීව විකාශය කිරීමට කටයුතු යොදා ඇත.

Posted On Wednesday, 05 August 2020 16:28

ඡන්ද ගණන් කිරිම අවස්ථාවේ දී පිළිගත් දේශපාලන පක්ෂ වල හා ස්වාධින කණ්ඩායම්වලට නිරික්ෂණය කිරිමේ අවස්ථාව ලබාදී තිබෙන බවත්,එම නියෝජිතයින්ට කල් වේලාව ඇතිව එම ස්ථානවල පැමිණිය යුතු බව තේරිම්භාර නිලධාරී, කොළඔ දිස්ත්‍රික් ලේකම් ප්‍රදිප් යසරත්න මහතා පවසයි.

Posted On Wednesday, 05 August 2020 16:25

නිල ඡන්ද පත්‍රිකා මෙතෙක් ලැබී නොමැති ඡන්දදායකයන් හට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ළඟම තැපැල් කාර්යාල වලින් ලබාගත හැකි බව රජයේ නිල පුවත් වෙබ් අඩවියට අදහස් දක්වමින් තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පැවසුවේය.

Posted On Tuesday, 04 August 2020 17:07