Wednesday, 01 May 2024
නව පුවත්

කන්කසන්තුරය සිට මන්නාරම හරහා කොළඹ දක්වා සහ මාතර සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ වල සුළගේ වේගය විටින් විට පැයට කිලෝ මීටර් 60 දක්වා වැඩි වීමේ ඉහළ හැකියාවක් පවතින අතර මෙම මුහුදු ප්‍රදේශ ද රළු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Posted On Monday, 10 August 2020 10:10

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නිර්දේශයන්ට අනුව 9 වන පාර්ලිමේන්තුව රැස් කිරීමට අවශ්‍ය සියලු කටයුතු සකස්කර ඇති බව පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි.

Posted On Monday, 10 August 2020 10:08

බෝ නොවන රෝග වලක්වාගැනීම පිළිබද මහජනතාව සවිබල ගැන්වීමටත් , බෝ නොවන රෝග වලින් පීඩා විඳින්නන්ට රෝගය පාලනය පිළිබඳ දැනුම ලබා දෙමින් ඔවුන්ගේ ජීවිතය සතුටින් ගත කිරීමට අවශ්‍ය මග පෙන්වීම ලබාදීමට දිවයින පුරා තෝරාගත් රෝහල්වල හෙද හෙදියන්ට විශේෂ පුහුණුවක් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කරයි.

Posted On Monday, 10 August 2020 10:05

මහමැතිවරණයෙන් වාර්තා ගත මනාප ඡන්ද සංඛ්‍යාවක් හිමිකර ගත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ ජනතාව විසින් තෝරා පත් කර ගත් අභිනව නව රජයේ අග්‍රාමාත්‍යවරයා වශයෙන් අද (9) කැළණිය රජමහා විහාරස්ථානයේ දී මහත් අභිමානයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දී දිවුරුම් දුන්නේ ය.

Posted On Sunday, 09 August 2020 16:17

මැතිවරණයෙන් පසු ආරම්භ වන නව පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කර තිබේ.

Posted On Sunday, 09 August 2020 16:14