ඖෂධ මිල අඩු කිරීමට නියමිතයි
අවුරුදු දෙකට අඩු දරුවන් සිටින මව්වරුන්ට විදේශ රැකියා සඳහා යාම තහනම්
වැල්ලවාය රෝහලේ ළමා ප්‍රතිකාර ඒකකය වැසීයාමේ තර්ජනයක්
වයඹ, උතුර සහ නැගෙනහිර පළාත්වල ආණ්ඩුකාරවරුන් ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන, ලංකා කම්කරු කොංග්‍රසයේ නායක සෙන්දිල් තොණ්ඩමන් මහත්වරු සහ වවුනියාව හිටපු දිසාපති පී.එස්.එම්.චාල්ස් මහත්මිය අද (17)පත් කළේය.
ඔවුන් අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී ඇත. පළාත් ආණ්ඩුකාරවරුන් තිදෙනෙකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සඳුදා (15)එම ධුරවලින් ඉවත් කරන ලදී. මේ අතර ටිකිරි කොබ්බෑකඩුව මහතා සබරගමුව ආණ්ඩුකාර ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු නවින් දිසානායක මහතා සබරගමුව ආණ්ඩුකාරවරයා ලෙස පත් කිරීමට බොහෝ දුරට ඉඩ තිබේ. කොබ්බෑකඩුව මහතා දැනට විදේශගතව සිටී.
ජනාධිපතිවරයා සමඟ ද්‍රවිඩ පක්‍ෂපැවැත්වූ සාකච්ඡා අතරමග අවසන්