Friday, 17 May 2024
Editor

Editor

මහනුවර ඇසල පෙරහර පෞරාණික චාරිත්‍රවලට අනුව සාර්ථකව නිම කළ බව සදහන් පෙරහර සංදේශය දියවඩන නිලමේවරයා ප්‍රමුඛ සතර මහා දේවාලවල බස්නායක නිලමේවරු අද (15) පස්වරුවේ යෙදෙන සුබ මොහොතින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාට මහනුවර ජනාධිපති මන්දිරයේදී පිළිගැන්වීමට නියමිතයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ යාපනය සංචාරයට සමගාමීව මයිලිඩ්ඩි ධීවර වරායේ පළමු අදියර නිමකර ජනතා අයිතියට පත් කිරීම අද (15) සිදු කෙරේ.

ඉන්දීය රජය ශ්‍රී ලංකාවේ සියලු පළාත් තුළ සංවර්ධන සහ සහයෝගීතා ව්‍යාපෘති 70කට අධික සංඛ්‍යාවක් ආරම්භ කර ඇති බවත්, ඒ සියලු ව්‍යාපෘතීන් සකස් කොට ඇත්තේ ශ්‍රී ලාංකේය ජනතාවගේ ප්‍රමුඛතාවයන් අනූව බවත්, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් තරංජිත් සිං සින්ධු මහතා පැවසීය.

විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් 2019 අගෝස්තු මස 17 සහ 19 යන දිනවල පිළිවෙලින් අනුරාධපුර හා පුත්තලම දිස්ත්‍රික්කවල සමෝධානීකරන ජංගම කොන්සියුලර් සේවාවන් පැවැත්වීමට නියමිතය.

පාසල් නිවාඩු සමයේ සංචාරයේ යෙදෙන මගීන් සදහා කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා විශේෂ දුම්රියක් අද (අගෝස්තු 08දා) සිට ධාවනයේ යොදවන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය වාණිජ අධිකාරී රංජිත් පත්මලාල් මහතා පවසයි.

මහ බැංකුව,වාණිජ බැංකු මගින් ස්ථාවර තැන්පතු සඳහා ලබා දෙන පොලී අනුපාතය අඩු කර ඇති නමුදු රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා 15% විශේෂ පොලී අනුපාතයන් ලබා දීමේ ක්‍රමවේදයේ කිසිඳු වෙනසක් සිදු කර නොමැත.

මෙවර 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු 2019 අගෝස්තු මස 15 වැනිදා සිට 20 වැනිදා දක්වා පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පූජිත මහතා දැනුම් දෙයි.

අධ්‍යයන පොදු සහතික පත‍්‍ර (උසස් පෙළ විභාගය), 2019 අද (05) සිට ඇරඹේ.

පාසල් නිවාඩු සමයේ සංචාරයේ යෙදෙන මඟින් සඳහා කොළඔ කොටුවේ සිට බදුල්ල දක්වා විශේෂ දුම්රිය සේවයක් යොදවා ඇති බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර අද (5) වීදි සංචාරය කිරීමට නියමිතය.