Thursday, 02 May 2024

ලංකාවේ කසල බුදින අලින් ගැන ජාත්‍යන්තර මාධ්‍යත් වාර්තා කරයි.

Posted On Friday, 02 October 2020 07:26

 
 
 

වන අලින් කසල ආහාරයට ගන්නා අවසථා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය හා කතරගම ප්‍රදෙශේයන් හිදී වාර්තා වූ අතර මෙවර එය ජාත්‍යන්තරයේ කතාබහට ලක්වෙන මාතෘකාවක් වී ඇත. මෙරට   නැගෙහිර පළාතේ කසල අපද්‍රව්‍ය බැහැර කෙරෙන ස්ථානයක් අසලට රැස්ව එහි එකතුවී තිබෙන කසල ආහාරයට ගන්නා වන අලින් රංචුවක් සම්බන්ධයෙන් ඩේලි මේල් ඇතුළු  මාධ්‍ය රැසකක වාර්තා කර තිබෙනවා.

 

අම්පාර, ඔලුවිල් ප්‍රදේශයට බැහැර කෙරෙන මෙම අපද්‍රව්‍ය ආහාරයට ගැනීමට පැමිණෙන වන අලින් ගේ ජායාරූප ලබා ගෙන ඇත්තේ යාපනය ප්‍රදේශයේ ජායාරූප ශිල්පියෙකු වන ධර්මපාලන් තිලක්ෂන් විසිනි.

" සමන්තුරෙයි, කල්මුණේ, කාර්තිව්, නින්දවූර්, අට්ට්ලචෙනෙයි, අක්කරෙයිපත්තු සහ අලෙයාඩි වෙම්බු යන ප්‍රදේශවල ඒකරාශී වන අපද්‍රව්‍ය බැහැර කෙරෙන්නේ මෙම ස්ථානයට. මෙය කැළයට ආසන්න නිසා අලීන් ඇතුළු වන සතුන් ආහාර සොයා මෙහි පැමිණෙනවා. මෙය ඉතා කණගාටුදායක තත්ත්වයක්. ඔවුන් ගේ ජිවිත විශාල හානියකට පත්වීමක් මෙයින් සිදුවන්නේ" තිලක්ෂන් පවසනවා.

මෙම ඉවතලන ආහාර ද්‍රව්‍ය අතර මුසුවී තිබෙන පොලිතින්, ලන්ච් ෂිට්, සිලි උර ආදිය ආහාරයට ගැනීමෙන් වන අලින් ඇතුළු වන සතුන් රැසක් මරණයට පත්වීමේ අවධානමක් ඇති බවයි පරිසරවේදීන් පෙන්වා දෙන්නේ.

එමෙන්ම පසුගිය කාලයේදී මියගොස් සිටි ඇතැම් වන අලීන් ගේ සිරුරූ තුලින් දිරාපත් නොවූ මෙවැනි පොලිතින් ඇතුළු අපද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් සොයා ගැනීමට හැකිවූ බව එම පරිසරවේදීන් ප්‍රකාශ කර සිටිනවා.

මෙම අපද්‍රව්‍ය බැහැර කෙරෙන ස්ථානයට වන අලීන්ට පැමිණීමට නොහැකිවන ලෙස විදුලි වැටක් ඉදිකොට තිබුනත් එයද මේ වන විට සම්පුර්ණයෙන්ම විනාශ වී ගොස් ඇත.

මේ ඇතිවී තිබෙන තත්ත්වය මත විනාශ වෙමින් පවතින්නේ රටේ ඉතිරිව සිටින වන අලින් සම්පත බව බලධාරීන් තේරුම් ගන්නේ කවදාද ?

7.jpg6.jpg

11.jpg

 

9.jpg