Friday, 03 May 2024

TRC ලියාපදිංචිය නැති ජංගම දුරකථන කිසිදු ජාලයකට සම්බන්ද කළ නොහැක - අලුත්ම නීතිය මෙන්න

Posted On Friday, 02 October 2020 04:42

 
 
 

සිය ආයතනයේ ලියාපදිංචි නොකරන ජංගම දුරකථන ඉදිරියේදී කිසිදු ජාලයක් හරහා කි‍්‍රයාත්මක කිරීමට නොහැකි වන බව ශී‍්‍ර ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම පවසනවා. එහි අධ්‍යක්ෂ ජනරාල්  ඕෂධ සේනානායක පවසන්නේ   මින් ඉදිරියට විදුලි සංදේශ නියාමන කොමිසමේ ලියාපදිංචි කළ ජංගම දුරකථන පමණක් මිලදී ගැනීමට පාරිභෝගිකයින් කටයුතු කළ යුතු බවයි. 

මෙම කි‍්‍රයාවලිය මගින් අපේක්ෂා කෙරෙන්නේ පාරිභෝගිකයින් ආරක්ෂා කිරීම බවයි විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙහිදී කියා සිටියේ.

යම් අයෙකු විදේශගතව සිට පැමිණෙන විට පෞද්ගලිකව රැගෙන එන ජංගම දුරකථන ඔන්ලයින් ක‍්‍රමයට ලියාපදිංචි කිරීමේ පහසුකම් ලබන සතිය වනවිට කි‍්‍රයාත්මක කරන බව ද විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා එහිදී වැඩිදුරටත් සදහන් කළා.