Wednesday, 06 November 2024
Editor

Editor

කොවිඩ් ව්‍යාප්තිය පාලනය පිණිස ජනයා ඒකරාශි වීම සීමා කෙරේ

විදෙස් ගමන් බලපත්‍ර ලබාදීම එක් දින සේවයෙන් පමණයි-ආගමන හා විගමන දෙපාර්තමේන්තුව

රජයේ සේවයේ නියැලි ගැබිනි මව්වරුන්ට නිවසේ සිට රාජකාරි කිරීමට තීරණයක්- චක්‍රලේඛය ඉදිරියේ දී - රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන

සීගිරිය සහ යාල ජාතික වනෝද්‍යානය ප්ලාස්ටික් භාවිතයෙන් තොර පළමු සංචාරක ගමනාන්ත ලෙස සංවර්ධනය කෙරේ

ගෘහස්ථ සේවය අන්තරාදායක රැකියා ලැයිස්තුවට ඇතුළත් කර ගැසට් කිරීමට පාර්ලිමේන්තුවෙන් අවසර ඉල්ලයි

සේවකයින්ගේ අවම වැටුප ඉහළ නංවන ජාතික අවම වේතනය ( සංශෝධන ) පනත් කෙටුම්පත විවාදයට

ශ්‍රී ලංකන් ගුවන්සේවය රුසියානු සංචාරකයින් සඳහා විශේෂ දීමනාවක් හඳුන්වාදෙයි

සෞඛ්‍ය නීති සෑම බස් රථයකම ක්‍රියාත්මක විය යුතුයි - ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය

උප්පැන්න,විවාහ හා මරණ සහතිකවල පිටපත් අන්තර්ජාලය (Online) ඔස්සේ නිකුත් කිරීමට පියවර

මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙලේ පිරිමි උස පැනීමේ ඉසව්වේ අවසානය තෙක් පැමිණි කටාර් රාජ්‍යයේ මුටාස් එසා  සහ ඉතාලියේ ජියන්මර්කෝ තම්බෙරි මි.2.37 වූ උස පැනීමට සමත් වූ නමුත් ඊලග ඉලක්කය වූ මි.2.39 උස පැනීමට අසමත් විය. ඒ අවස්ථාවේ ඉතාලි ක්‍රීඩක ජියන්මර්කෝ යම් ආබධයකටද ලක් වූ බව දැකගත හැකි විය. කෙසේ වෙතත් රන් පදක්කම සදහා තව පැනීමක් හෝ පදක්කම බෙදාගැනීමක් කළ හැකි විය. කටාර් ක්‍රීඩක මුටාස්ට නිසැකවම නැවත මි.2.37ක් පැනීමට හැකි නමුත් ඉතාලි ක්‍රීඩකයාට නැවත එය කිරීම පහසු නොවන්නේ ඔහු යම් ආබාධයකට ලක් වූ නිසාවෙනි.විනිසුරු දෙදෙනාගෙන් විමසන්නේ කුමක්ද ඔබගේ තෝරාගැනීම ? යන්නයි .. දෙවරක් නොසිතු කාටාර් ක්‍රීඩක  මුටාස් එසා “අපට රන් පදක්කම් දෙකක් ලබා දිය හැකි දැයි විමසුවේ ය.”  ඉතාලි ක්‍රීඩක ජියන්මර්කෝ ට මෙය අදහාගත නොහැකි විය. ප්‍රේක්ෂකාගාර ඔල්වරසන් හඩින් ගිගුම් දෙන්නට විය.කදුළු පිරි දෑසින් බොහෝ ප්‍රේක්ෂකයින් මේ අපුරු මිනිසුන් දෙදෙනාගේ හැසිරීම ඇදහිය නොහැකි සේ බලා සිටියේය.