Wednesday, 08 May 2024

සෞඛ්‍ය නීති සෑම බස් රථයකම ක්‍රියාත්මක විය යුතුයි - ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය

Posted On Monday, 02 August 2021 15:50

සෞඛ්‍ය නීති සෑම බස් රථයකම ක්‍රියාත්මක විය යුතුයි - ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය


රජයේ සියලු සේවකයින්ට රාජකාරී සඳහා අද (02) සිට වාර්තා කරන ලෙස දැන්වීමෙන් පසු ඔවුන්ගේ ප්‍රවාහන පහසුකම් වෙනුවෙන් පළාත් අතර බස් හා දුම්රිය සේවා කිහිපයක් ආරම්භ කළ බවත් ආසන ගණනට පමණක් මගීන් ප්‍රවාහනය කළ යුතු බවත් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය.

ඒ අනුව, රාජ්‍ය හා පුද්ගලික අංශයේ කටයුතු සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙළට අදාළව අන්තර් පළාත් පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කිරීමට සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
එමෙන්ම, සෑම බස් රථයකම කොවිඩ් 19 ව්‍යාප්තිය වැළක්වීම උදෙසා සෞඛ්‍ය නීති ක්‍රියාත්මක විය යුතු බවත් පැවසූ අමාත්‍යවරයා අද උදෑසන සිට සාමාන්‍ය පරිදි බස්රථ ධාවනයට පියවර ගත් බවද පැවසීය