මෙම දැනුම්වත් කිරීමේ අවස්ථාවට සමඟාමී ව කොළඹ මහ නගර සභාවේ ප්රජානිලධාරීන් දැනුවත් කිරීම ද එදිනම සිදු කෙරෙන අතර ඊට අමතරව දිස්ත්‍රික් මට්ටමින් ජනතාව දැනුම්වත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ද කටයුතු යොදා ඇත.
"ක්ෂය රෝගය නිමාවන ලෝකයක් සඳහා" යන්න මෙවර තේමාව වී ඇත.
වසර 5000ක පමණ ඉතිහාසයක් ඇති මෙම රෝගය ඕනෑම පුද්ගලයෙකුට වැළඳීමේ අවස්ථාව ඇති අතර ම සම්පූර්ණයෙන් ම සුවකළ හැකි රෝගයක් ද වන බවත් පාලනය කරගත නොහැකි තත්ත්වයේ ඇති රෝගයක් බවත් වෛද්‍ය කුලතුංග මහතා මෙහිදී පෙන්වාදුනි.