අද රාත්‍රියේ සිට සිදු කිරීමට නියමිත දුම්රිය සේවක වැඩ වර්ජනය සම්බන්ධයෙන් අද (20) පාර්ලිමේන්තුවේ දී කරුණු පහැදිළි කරමින් අමාත්‍යවරයා මේ බව පැවසී ය.
දුම්රිය සේවක වර්ජයට හේතුව වැටුප්වැඩි වැඩිකරගැනීමක්. ඒ පිළිබඳව සෞඛ්‍ය වෘත්තීය සමිති විරෝධයක් තිබෙනවා. මේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් ජාතික වැටුප් හා සේවක සංඛ්‍යාත කොමිෂන් සභාව විරෝධය පළ කර තිබෙනවා. ඒ නිසා ගමනාගමන සේවය අඩාල කිරීමට කටයුතු කිරීම වැරදියි.
වෘත්තීය සමිති අතර ප්‍රශ්න තිබෙනවා. මේවා විසඳන්නේ කොහොමද? කාරුණිකව දුම්රිය වෘත්තීය සමිතිවලින් ඉල්ලා සිටිනවා දුම්රිය සේවාව මඟී සේවාව අඩල කරන්න එපා. එසේ නැති නම් අපට දැඩි පියවර ගන්න සිදුවෙනවා. මඟී සේවාව යථාවත් කිරීම සඳහා. මෙවැනි වැඩවර්ජනවලින් වෙන්නේ, ජනතාව නීතිය අතට ගන්න පුළුවන්. එය හොඳ දෙයක් නොවේ, සේවයට වාර්තා කරන්න කියා ඉල්ලා සිටිනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.