Wednesday, 24 April 2024

පළාත් සහ දිස්ත්‍රික්ක කීපයකට සිහින් වැසිවාර කිහිපයක්

Posted On Wednesday, 28 June 2017 06:57

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල මෙන් ම  ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල  සිහින් වැසිවාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (28) නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.


මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල සහ ඌව පළාතේ විටින් විට හමන පැයට.කි.මී.50 දක්වා තරමක්  දසුළං ඇතිවිය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.