ඒ සඳහා අයදුම්පත් යොමු කර ඇති සංඛ්‍යාව 1056 කි.
ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ II ශ්‍රේණියේ නිලධාරීන් I ශ්‍රේණියට උසස් කිරීම සදහා වන මූලික සුදුසුකම් පරික්ෂා කිරීම ද ලබන ජූනි මස 6,13,15,16,20 සහ 22 යන දිනයන්හි දී අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්වේ. මේ සඳහා අයදුම්කරුවන් 1912 දෙනෙකු ඉදිරිපත්වීමට නියමිතයි. මේ වන විටත් ඔවුන්ට අදාළ කැඳවීම් ලිපි යොමු කිරීමට අමාත්‍යාංශය කටයුතු කර තිබේ.
එමෙන් ම වසර ගණනාවක් තිස්සේ සංශෝධනය නොවූ විදුහල්පතිවරුන්ගේ දීමනා ඇතුළු අධ්‍යාපන නිලධාරීන් සඳහා සහන රැසක් සැපයීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් මත මේ වන විට කටයුතු යොදා ඇත.
වෘත්තීය සමිතිවල පෞද්ගලික හා දේශපාලන ඉල්ලීම් ඉටුකරනු වෙනුවට රටේ සමස්ත ගුරුවරුන් සහ විදුහල්පතිවරුන්ගේත්, ලක්ෂ හතළිස් පහකට ආසන්න පාසල් දරුවන්ගේත් අවශ්‍යතා ඉටුකිරීම වෙනුවෙන් තමා නිරන්තරයෙන් පෙනී සිටින බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.