Thursday, 18 April 2024

මධ්‍යම කදුකරයේ,උතුරු සහ දකුණු මුහුදු ප්‍රදේශවල තද සුළං

Posted On Thursday, 18 May 2017 07:04

දිවයින හරහා (විශේෂයෙන්  මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම ප්‍රදේශ වල පැ.කි.මී.40-50 දක්වා) සහ උතුරු සහ දකුණු මුහුදු ප්‍රදේශ වල විටින් විට හමන (පැ.කි.මී.60-70 දක්වා) තද සුළං අපේක්ෂා කළ හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.


බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යමසහ වයඹ පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.ඇතැම් ස්ථාන වල (මි.මි. 50 ට වැඩි) තරමක් තද වැසි බලාපොරොත්තු විය හැක.

නැගෙනහිර සහ ඌව පළාත්වල සවස 2.00න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.