Friday, 29 March 2024

රාජ්‍ය කළමනාකරණ සහකාර විභාගයක් 20 දා

Posted On Monday, 15 May 2017 06:54

රාජ්‍ය කළමනාකරණ සහකාර 111 වන ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය - 2012(1) 2016 (2017) විභාගය ලබන 20 වැනි දා පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා සඳහන් කරයි.


අයදුම්කරුවන් 8877 දෙනෙකු මෙම විභාගය සඳහා සුදුසුකම් ලබා ඇති අතර කොළඹ ඇතුළු නගර 14ක පිහිටි විභාග මධ්‍යස්ථාන 64කදී මෙම විභාගය පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.

සියලුම අයදුම්කරුවන් සඳහා විභාග ප්‍රවේශපත්‍ර මේ වන විට තැපැල් කොට යාවා තිබෙන අතර ප්‍රවේශපත්‍ර සම්බන්ධයෙන් යම් විමසීමක් වෙතොත් පහත සඳහන් දූරකන අංක මඟින් විභාග දෙපාර්තමේන්තුවේ සංවිධාන හා විදේශ විභාග ශාඛාව ඇමතීමට කටයුතු කරන ලෙස එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ඉල්ලා සිටි.

දූරකතන අංක: 0112785230/0112177075

ක්ෂණික ඇමතුම් - 1911 ( පැය 24 පුරා)