Friday, 29 March 2024

ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂොපකාර සමාගමේ විභාගය ලබන 22 දා සිට

Posted On Wednesday, 19 April 2017 04:43

ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂොපකාර සමාගමේ විභාග - 2016 (2017) ( ප්‍රාචීන පණ්ඩිත ප්‍රාරම්භ / මධ්‍යම / අවසාන)  මේ මස 22, 23, 24, 25, 29, 30 සහ මැයි මස 06, 07, 13, 14, 20, 21 යන දිනයන් හි දී පැවැත්වීමට අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ.පුෂ්පකුමාර මහතා සඳහන් කරයි.


දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 29ක දී මෙම විභාග පැවැත්වෙන අතර ඒ සඳහා අයදුම්කරුවන් 3081 ක්  සුදුසුකම් ලබා සිටිති.

සියලුම අයදුම්කරුවන් වෙත විභාග ප්‍රවේශපත්‍ර  පසුගිය 07 වන දින තැපැල් කොට යවා ඇති අතර ප්‍රවේශපත්‍ර සම්බන්ධයෙන් යම් විමසීමක් වෙතොත් පහත සඳහන් දුරකතන අංක මගින් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ සංවිධාන හා විදේශ විභාග ශාඛාව ඇමතීමට කටයුතු කළ හැකි බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව දන්වා සිටී.

දූරකතන අංක    : 0112785230 / 0112177075

ක්ෂණික ඇමතුම්    : 1911 (පැය 24 පුරා)