Wednesday, 12 March 2025

යුපුන් අබේකෝන්ට විශිෂ්ට ජයක්

Posted On Friday, 07 February 2025 05:17

යුපුන් අබේකෝන්ට විශිෂ්ට ජයක්

 

ෆින්ලන්තයේ පැවැත්වෙන Tampere Indoor Meeting ගෘහස්ථ මළල ක්‍රීඩා තරගාවලියේ දී පිරිමි මීටර් 60 ඉසව්ව නියෝජනය කළ යුපුන් අබේකෝන් තත්පර 6.66කින් ඉසව්ව අවසන් කරමින් දෙවැනි ස්ථානය දිනා ගැනීමට සමත් වී තිබේ.

මෙම දක්ෂතාව මෙම තරගවාරයේ ඔහුගේ පෞද්ගලික හොඳම දක්ෂතාව ලෙස ද සටහන් වීම විශේෂත්වයකි.
එසේ ම මීට පෙර ඉසව්වේ මූලික වටයේ තරගයක දී ද ඔහු තත්පර 6.69කින් ඉසව්ව අවසන් කරමින් එහි පළමු ස්ථානය හිමි කර ගැනීමට සමත් වී ඇත.