Wednesday, 05 February 2025

අස්වැසුම දෙවන අදියර සංගණනය සාර්ථක කර ගැනීමට සැලසුම් සහගත පියවර

Posted On Tuesday, 21 January 2025 08:10

අස්වැසුම දෙවන අදියර සංගණනය සාර්ථක කර ගැනීමට සැලසුම් සහගත පියවර

 

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනේ දෙවන අදියර සංගණනය සාර්ථක කර ගැනීම උදෙසා පූර්ව සුදානමක් ලෙස සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් සැලසුම් සහගත පියවර අනුගමනය කර ඇති බව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය සඳහන් කරයි.

එහිදී ප්‍රථමයෙන් ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව හා එක්ව සංගණන නිලධාරීන් පුහුණු කිරීම සිදු කරන ලදී. ඒ අනුව මෙම සංගණනය පියවර 03කින් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබිණ.

ජනවාරි 06 වනදා සිට ජනවාරි14 දක්වා ප්‍රාදේශිය ලේකම් කාර්යාලවල පූර්ව සංගණන ක්‍රියාකාරකම් ද, ජනවාරි 15 සිට 17 දක්වා නැවත තහවුරු කිරීමේ ක්‍රියාවලියද සාර්ථක ලෙස සිදු කර ඇත.

අවසාන පියවර ලෙස, අස්වැසුම ප්‍රතිලාභ සඳහා අයදුම්පත් යොමු කර ඇති අයගේ නිවෙස් වෙත ගොස් තොරතුරු එක් රැස් කිරීමේ ක්‍රියාවලිය ජනවාරි 21 දිනෙන් ආරම්භ කිරීමට නියමිත අතර එය ජනවාරි 31 දක්වා ක්‍රියාත්මක කිරීමටද නියමිතය.