කිසිඳු පිරවුම් හලක හෝ තෙල් හිඟ වීමේ කිසිඳු හේතුවක් නැති බව ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා මහතා පැවසුවේය.
ඊයේ (12) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේ දී, මාධ්‍යවේදියෙකු නැඟූ පැනයකට පිළිතුරු වශයෙන් ඒ මහතා මේ බව පැවසුවේ ය.
ඒ අනුව, මෙරට ප්‍රමාණවත් තෙල් තොග තිබෙන බවත්, රටේ අඛණ්ඩ තෙල් සැපයීම වෙනුවෙන් රජයේ ආයතනයක් වශයෙන් එම වගකීම ලංකා ඛනිජතෙල් සංස්ථාව භාර ගන්නා බවත්, ජනක රාජකරුණා මහතා පැවසුවේ ය.
රටට කිසිඳු ගැටලුවකින් තොරව බලශක්ති අවශ්‍යතාවය පවත්වාගෙන යාමට හැකියාව තිබෙන බවත්, දැනට තෙල් තොග සංචිත අවසන් වූ වහාම United Petroleum සතු ශෙඩ් 64ක ප්‍රමාණය සඳහා තෙල් සංස්ථාවෙන් තෙල් නිකුත් කිරීමට අමාත්‍යංශයේ ලේකම්වරයා, united Petroleum සහ තෙල් සංස්ථාව එක්ව මේ පිළිබඳව සාකච්ඡා කර එකඟතාවයකට පැමිණි බවත් ඒ මහතා මෙහි දී සඳහන් කළේය.