Wednesday, 25 December 2024

ජනවාරි 01 වැනිදා සිට වයස අවුරුදු 12ට අඩු ළමුන් වෙළෙඳ ප්‍රචාරණයට යොදා ගැනීම තහනම් කෙරේ

Posted On Saturday, 07 December 2024 14:38

ජනවාරි 01 වැනිදා සිට වයස අවුරුදු 12ට අඩු ළමුන් වෙළෙඳ ප්‍රචාරණයට යොදා ගැනීම තහනම් කෙරේ

 

ජනවාරි 01 වැනිදා සිට අවුරුදු 12ට අඩු ළමුන් වෙළෙඳ ප්‍රචාරණයට යොදා ගැනීම තහනම් කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හසංක විජේමුණි මහතා පවසයි.

ඊයේ (06) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ඒ සඳහා වූ ගැසට් නිවේදනය බලාත්මක කිරීමට සියලු කටයුතු මේ වන විට යොදා ඇති බවයි.

“වැඩිදුරටත් අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ පසුගිය රජයන් තුළින් අවුරුදු 7-8ක් තිස්සේ ඕක පස්සට දාදා හිටියා. අපි ගිය සතියේ තීරණයක් ගත්තා අපි ඒක පස්සට දාන්නේ නෑ අපි ජනවාරි 01 වැනිදා ඉඳලා මෙය බලාත්මක කරනවා කියන කාරණය."