Sunday, 08 September 2024

ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ජන්ද විමසීම 2024

Posted On Thursday, 25 July 2024 15:52

ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ජන්ද විමසීම 2024

 

1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම පිළිබඳ පනතේ නෛතික විධි විධාන අනූව ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම සඳහා නියමය පළ කරන දිනය, නාමයෝජනා භාරගැනීමේ දිනය හා ස්ථානය සහ ජන්ද විමසීමේ දිනය පිළිබඳව දැනුම් දීමේ අතිවිශේෂ ගැසට් නිවේදනය 2024 ජූලි මස 26 වන දින ප්‍රකාශයට පත් කිරීමට අද දින රැස්වූ මැතිවරණ කොමිෂන් සභාව තීරණය කොට කර තිබේ.

එසේම ජනාධිපතිවරණ ජන්ද විමසීම පැවැත්වෙන දිනය සහ සෙසු ව්‍යවස්ථාපිත කාර්යයන් පිළිබඳව විවිධ පුද්ගලයන් හා පාර්ශව විසින් ඉදිරිපත් කරනු ලබන ප්‍රකාශ පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවේ කිසිදු වගකීමක් නොමැති බවද එම කොමිෂන් සභාව වැඩිදුරටත් නිවේදනය කරයි.