Friday, 18 October 2024

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වව්නියාව ප්‍රාදේශීය කාර්යාලය නව ගොඩනැගිල්ලකට

Posted On Thursday, 25 July 2024 14:53

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වව්නියාව ප්‍රාදේශීය කාර්යාලය නව ගොඩනැගිල්ලකට

 

ආගමන හා විගමන දෙපාර්​තමේන්තු​වේ අංක: JC 23, පිටරවුම් පාර, වවුනියාව, යන ස්ථානයේ පිහිටි ප්‍රාදේශීය කාර්යාලය 2024 අගෝස්තු මස 16 වන සිකුරාදා දින ගාමිණි විදුහල ඉදිරිපිට, මන්නාරම පාර, වවුනියාව යන ස්ථානයේ පිහිටි ගොඩනැගිල්ලේ ස්ථාපනය කිරීමට නියමිත බව නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

එබැවින් අංක :JC 23, පිටරවුම් පාර, වවුනියාව, යන ස්ථානයේ පිහිටි දැනට මහජන සේවාවන් සපයනු ලබන ප්‍රාදේශීය කාර්යාලයේ රාජකාරී කාර්යයන් 2024 අගෝස්තු මස 02 වන සිකුරාදා දින සිට අවසන් කරනු ලැබේ.

ඒ අනුව 2024 අගෝස්තු මස 03 වන දින සිට 2024 අගෝස්තු මස 15 දින දක්වා මෙම දෙපාර්තමේන්තුවේ වවුනියාව ප්‍රාදේශිය කාර්යාලය මගින් මහජන සේවාවන් ලබාදීම සිදු නොවන අතර, ඉහත සඳහන් ස්ථානයේ පිහිටුවනු ලබන නව ප්‍රාදේශීය කාර්යාලය මගින් 2024 අගෝස්තු මස 16 වන දින සිට නැවත මහජන සේවාවන් ලබාදීමට කටයුතු කරනු ලබන බව එම දෙපාර්තමේන්තුව හජනතාවට දැනුම් දේ.