Sunday, 08 September 2024

ආබාධ සහිත පුද්ගලයින්ගේ සාහිත්‍ය හා කලා නිර්මාණ තරඟාවලිය සදහා අයදුම්පත් කැඳ වේ

Posted On Wednesday, 17 July 2024 07:47

ආබාධ සහිත පුද්ගලයින්ගේ සාහිත්‍ය හා කලා නිර්මාණ තරඟාවලිය සදහා අයදුම්පත් කැඳ වේ

 

ආබාධිත සහිත පුද්ගයින්ගේ නිර්මාණ හැකියාව ඇගයිම සහ එම නිර්මාණ එළි දැක්විමේ අවස්ථාව උදාකිරිමේ අරමුණෙන් බුද්ධශාසන,ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යටතේ පිහිටුවා ඇති ආබාධ සහිත පුද්ගලයින්ගේ සංස්කාතික අයිතීන් ප්‍රවර්ධනය කිරිමේ කාර්යංශය මගින් සංවිධානය කරනු ලබන ආබාධ සහිත පුද්ලයන්ගේ සාහිත්‍ය හා කලා නිර්මාණ තරගාවලිය සදහා මේ දිනවන අයදුම්පත් කැඳවනු ලැබේ.

කෙටි කතා,ආබාධිත පුද්ගල චරිතාපදාන,ගීත රචනා,පද්‍ය රචනා,චිත්‍ර නිර්මාණ, ඡයාරූප යන තරග අංශවලින් සමන්විත වේ.

මේ සමඟ ඇති ආදර්ශ ආකෘතියට අනුව ඉල්ලුම් පත්‍රය නියමිත පරිදි සම්පුර්ණ කර ආයතන ප්‍රධානියා /විදුහල්පතිවරයා ලවා නිර්දේශය සමඟ නිර්මාණ ඉදිරිපත් කල යුතුවේ.ඉදිරිපත් කරනු ලබන සියලුම නිර්මාණලේකම් ,බුද්ධශාසන,ආගමික හා සංස්කෘතික කටයුතු අමාතාංශය,08 වන මහළ,සෙත්සිරිපාය 1 අදියර,බත්තරමුල්ල යන ලිපිනයට 2024/08/30 වන දිනට පෙර බාරගනු ගනු ලැබේ.

ලියම්කවරයේ වම්පස කෙළවර ආබාධ සහිත පුද්ගලයන්ගේ සාහිත්‍ය හා කලා නිර්මාණතරඟාවලිය(තරඟ අංශය හා කාණ්ඩය - පාසල්/විවෘත) යනුවෙන් සදහන් කළ යුතුය.