Sunday, 08 September 2024

අඩු කල විදුලි ගාස්තු හෙට සිට ක්‍රියාත්මකයි

Posted On Tuesday, 16 July 2024 08:35

අඩු කල විදුලි ගාස්තු හෙට සිට ක්‍රියාත්මකයි

 

2024 ජුලි 16 වන දින සිට බලපවත්වන පරිදි විදුලි ගාස්තු අඩුකිරීමට ශ්‍රී ලංකා මහජන කොමිෂන් සභාව අද තීරණය කලේ ය.

මේ වසරේ දෙවන විදුලි ගාස්තු සංශෝධනය සදහා ලංකා විදුලි බල මණ්ඩලය ඉදිරිපත් කල යෝජනාව අධ්‍යනය කිරීමෙන් අනතුරුව හා ඒ සම්බන්ධයෙන් පැවත් වු මහජන උපදේශනයේදී ඉදිරිපත් වු යෝජනා හා අදහස් සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව කොමිෂන් සභාව සිය තීරණය අද ප්‍රකාශයට පත් කලේ ය. ඒ අනුව ගෘහස්ත, ආගමික ස්ථාන, හෝටල්. කර්මාන්ත, පොදු කාර්ය හා රාජ්‍ය ආයතන යන සියලු පාරිභෝගික කාණ්ඩවල විදුලි ගාස්තු හෙට සිට අඩු කෙරේ. ලංකා විදුලි බල මණ්ඩලය විසින් සිය යෝජනාව මගින් සමස්ත විදුලි ගාස්තු අඩුවීම සියයට 10කට සීමා කර තිබුණද කොමිෂන් විසින් සමස්ත ගාස්තු අඩුවීම සියයට 22.5ක් දක්වා ඉහල දමන ලදී. ඒ අනුව ගෘහස්ත අංශය සදහා පහත සදහන් පරිදි ගාස්තු අඩු කර ඇත.

.

ගෘහස්ත පාරිභෝගික කාණ්ඩය

පැවති ඒකක මිල

2024 ජුලි 16 සිට බලාත්මක මිල

පැවති මාසික ගාස්තුව

2024 ජුලි 16 සිට බලාත්මක මාසික ගාස්තුව

ඒකක 30ට අඩු

8

6

150

100

ඒකක 31ට වැඩි සහ 60 දක්වා

20

9

300

250

ඒකක 60 වැඩි කාණ්ඩය

       

ඒකක 0-60 අතර

25

15

   

ඒකක 61-90 අතර

30

18

400

400

ඒකක 91-120 අතර

50

30

1,000

1,000

ඒකක 121-180 අතර

50

42

1,500

1,500

ඒකක 180ට වැඩි

75

65

2,000

2,000

 

ආගමික ස්ථාන වල අඩු විදුලි පරිභෝජනයක් සහිත කාණ්ඩ සදහා මෙතෙක් අයකල රුපියල් 8 සහ 9 බැගින් වු ඒකක මිල රුපියල් 6 දක්වාද රුපියල් 18ක් වු ඒකක මිල රු 10 දක්වාද රුපියල් 32ක් වු ඒකක මිල රු. 20 දක්වාද රුපියල් 43ක් වු ඒකක මිල රුපියල් 30 දක්වාද හෙට අඩු කර තිබේ. ආගමික ස්ථානවලින් අය කල මාසික ස්ථාවර ගාස්තු ද සියලු කාණ්ඩ සදහා අඩු කර තිබේ.

කර්මාන්ත ශාලා සහ හෝටල් කාණ්ඩයේ දහසු වෝල්ත 42ට අඩු කොන්ත්‍රාත් ඉල්ලුමක් ඇති උප කාණ්ඩය සදහා මෙතෙක් බලපැවත්වු රුපියල් 37, රුපියල් 30.50 සහ රුපියල් 25.50ක් වු ඒකක මිල පිළිවෙලින් රුපියල් 30.50, රුපියල් 20.50 සහ රුපියල් 18 දක්වා අඩුකීරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කර ඇත. එම පාරිභෝගික කාණ්ඩ දෙක සදහා අදාල වන මාසික ගාස්තු සංශෝධනය කර නැත. නව ගාස්තු සංශෝධනයේදී රාජ්‍ය ආයතන හා පොදු කාර්ය අංශ සදහා මෙතෙක් ක්‍රියාත්මක වු රු. 55, රු. 45, සහ රු. 37 බැගින් වු ඒකක මිල පිළිවෙලින් රු 46.75, රු. 38.25 සහ රු. 31.45 දක්වා අඩු කර තිබේ.

නව ගාස්තු සංශෝධනයත් සමග ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් ලංකා විදුලි බල මණ්ඩලයට කොන්දේසි 7ක් ද පනවා ඇත. විදුලි පාරිභෝගිකයින් ඉල්ලා සිටින විටද මුද්‍රිත විදුලි බිල්පත් නිකුත් කල යුතු බවද එම කොන්දේසි අතර වේ. එමෙන්ම විදුලි ජනනය සදහා ඉංධන මිලදී ගැනීමේ ලංකා ඛනිජ තෙල් සංස්ථාව සමග ගිවිසුම් වලට එළඹීමට පියවර ගන්නා ලෙසද කොන්දේසි පනවා ඇත.

වැඩිදුර තොරතු සදහා අධ්‍යක්ෂ-ආයතනික සන්නිවේදන 0772943193 අමතන්න.


 

 


No.

කොන්දේසි

කොන්දේසිය සපුරා ලිය යුතු දිනය

1.

To conduct a comprehensive independent cost audit for fourth quarter of 2023 and to report to the Commission

2023 වර්ෂයේ අවසන් කාර්තුවේ පිරිවැය සම්බන්ධයෙන් පුළුල් ස්වාධින විගණනයක් කර කොමිෂන් සභාවට වාර්තා කිරීම

30/09/2024 (Extended)

2.

To Establish Power Purchase Agreements (PPA) and Power Sales Agreements (PSA) for complete operation of the Bulk Supply Transaction Account (BSTA)

තොග සැපයුම් ගනුදෙනු ගිණුමේ පුර්ණ මෙහෙයුම් සදහා විදුලිය අලෙවිකිරීමේ ගිණුම සහ විදුලිය මිලදී ගැනීමේ ගිණුම් ක්‍රියාවට නැගීම

30/09/2024 (Extended)

3.

To negotiate and enter into Fuel Supply Agreements with fuel suppliers

ලංවිම විසින් විදුලිය ජනනය සදහා මිලදී ගනුලබන ඉංධන මිලදී ගැනීම සදහා ලංකා ඛණිජ තෙල් සංස්ථාව සමග ගිවිසුම් වලට එළඹීම

30/09/2024 (Extended)

4.

To complete and commission the Kothmale – New Polpitiya 220kV transmission line

කොත්මලේ නව පොල්පිටිය 220 දහසු වෝල්ත සම්ප්‍රේශණ රැහැන ඉදිකීරීම් කටයුතු සම්පුර්ණ කර සක්‍රිය කිරීහ

31/12/2024

5.

To submit a plan to encourage energy conservation and efficiency

බලශක්ති සංරක්ෂණය සහ කාර්යක්ෂමතාවය ඉහල නැංවීම ප්‍රවර්ධනය සැලසුම් සකස් කර ඉදිරිපත් කිරීම

30/09/2024 (Extended)

6.

To Prepare and submit renewable energy development plan up to 2030 with annual milestones (MW values to be absorbed)

2030 දක්වා වු පුනර්ජනනීය බලශක්ති සංවර්ධන සැලසුම සකස් කර ඉදිරිපත්කිරීම

30/09/2024 (Extended)

7.

Ensure that all the bills issued to the consumers are readable and hardcopies are issued if and when demanded by the consumer.

විදුලි පාරිභෝගිකයින්ට ඩිජිටල් ක්‍රමයට නිකුත් කරන විදුලි බිල්පත් වල තොරතුරු කියවා ගත හැකි ආකාරය නිකුත් කිරීම සහ විදුලි පාරභෝගිකයෙක් ඉල්ලා සිටින විටදී මුද්‍රිත විදුලි බිල්පත් නිකුත් කිරීම

 

Consumer category wise revenue impact

Category

% Change Revenue Approved By PUCSL

CEB Proposed % Revenue Change

Domestic Overall

-26.8%

10%

Domestic

0-30

-30.3%

31-60

-32.7%

61-90

-32.9%

91-180

-28.3%

180<

-18.4%

D-TOU

-18.6%

General Purpose

-15.9%

Government

-13.6%

Hotel Purpose

-26.0%

Industrial Purpose

-25.3%

Religious & Charitable Purpose

-30.1%

Streetlamp

0.0%

Overall

-22.49%

10%