Friday, 18 October 2024

ඊයේ (09) මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වර්ජනයක්

Posted On Wednesday, 10 July 2024 05:23

ඊයේ (09) මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වර්ජනයක්


ඊයේ (09) දින මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ දුම්රිය පාලකවරුන් විසින් ක්‍රියාත්මක කිරීමට නියමිත වෘත්තීය ක්‍රියාමාර්ගයක් හේතුවෙන් මේ වන විට ධාවනයට සූදානම් කොට ඇති තැපැල් දුම්රියන් අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.
එමෙන්ම අද දින(10) දින ධාවනය වීමට කාර්යාල දුම්රිය කිහිපයක් අවශ්‍ය නිලධාරින් යොදවා ධාවනයේ යෙදවීමට කටයුතු සැලසුම් කරමින් පවතී.
මෙම වර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් අද (07/10) දිනයේදී දුම්රිය වාර ප්‍රවේශපත්‍ර හිමි මගීන්ට එම වාර ප්‍රවේශපත්‍රය උපයෝගී කරගනිමින් ලංකා ගමනා ගමන මණ්ඩලට අයත් බස් රථවලින් ප්‍රවාහන පහසුකම් සලසා ගැනීමට අවශ්‍ය පහසුකම් ප්‍රවාහන අමාත්‍යංශය විසින් සලසා ඇත.