Sunday, 08 September 2024

සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් සංශෝධනය කෙරේ

Posted On Monday, 01 July 2024 08:41

සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් සංශෝධනය කෙරේ

 

ඊයේ(30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ.

නව මිළ සංශෝධනයට අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිළ රුපියල් 11 කින් අඩු කර ඇති අතර එහි නව මිළ සටහන් වන්නේ රු.344 ක් ලෙසයි.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිළ රුපියල් 41 කින් අඩු කර ඇත.එහි සංශෝධිත මිළ රුපියල් 379 ක් ලෙස සටහන් වෙයි.

මේ අතර ලංකා සුපිරි ඩිසල් ලීටරයක් රුපියල් 22 කින් මිළ පහළ දමා ඇත.එහි නව මිළ 355 ක් ලෙස සටහන් වෙයි.

කෙසේ වෙතත් ලංකා සුදු ඩීසල් සහ භුමිතෙල් මිළහි සංශෝධනයක් සිදු නොවේ.