Sunday, 08 September 2024

ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනය අදයි

Posted On Friday, 14 June 2024 09:34

ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනය අදයි

 

සෑම වසරකම ජුනි 14 දින ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනය සැමරීම සිදු කෙරේ.

රුධිර පරිත්‍යාගශීලීන්ගේ උතුම් මෙහෙවර අගයමින් සෑම වසරකම ජුනි 14 දින ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනය සැමරේ. එහිදී ඔවුන්ට උපහාරයක් සිදු කෙරේ. රුධිර පරිත්‍යාගශීලීන් පුද්ගලිකව මෙන්ම රුධිර පරිත්‍යාගශීලීන්ගේ කදවුරු සංවිධානය කරන සංවිධායකවරුන්ද ඇගයීමක් මෙහිදී සිදුකෙරේ. මෙවර රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනයේ තේමාව වනුයේ ‘ජීවිත සුරැකීමට පිය නගමු’ යන්නයි.

රුධිර පරිත්‍යාගශීලීන්ගේ ජාතික උත්සවය අද (14) පෙරවරු 10.00 ට කොළඹ නෙළුම් පොකුණ රගහලේදී පැවැත්වීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසීය. ලේකම්වරයා මේ බව පැවසුවේ ඊයේ(13)නාරාහේන්පිට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේ පැවැත් වුණු මාධ්‍ය හමුවකට එක්වෙමිණි.රුධිර පරිත්‍යාගශීලීන් දහසක් ඇගයීමටත්, ඊට සමගාමීව දිවයින පුරා පිහිටි පර්ශද රුධිර මධ්‍යස්ථාන වලදී තවත් රුධිර පරිත්‍යාගශීලීන් තුන් දහසක් ඇගයීමටත්, ශ්‍රී ලංකා රුධිර ජනක සෛල දායකයින්ගේ ලේඛණය ආරම්භ කිරීමටත්,රක්තා ජංගම දුරකතන යෙදුම (Rakthaa App) එලි දැක්වීමත්, අද දිනයේ සිදු කිරීමට බලාපොරොත්තු වන බව ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, ජාතික රුධිර පාරවිලයන සේවයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ, රුධිර පාරවිලයන පිළිබද විශේෂඥ වෛද්‍ය ලක්මාලි මොරවක, විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යාර්ථයින්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය දම්මිකා සෙනරත් යන මහත්ම මහ්මීන් පිරිසක් මෙම මාධ්‍යහමුවට එක්ව සිටියහ.