Friday, 18 October 2024

අයහපත් කාලගුණය නිසා දුම්රිය ගමනාගමනයට බාධා

Posted On Monday, 03 June 2024 08:48

අයහපත් කාලගුණය නිසා දුම්රිය ගමනාගමනයට බාධා

 

අයහපත් කාලගුණය නිසා දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇති නිසා ඇතැම් දුම්රිය මාර්ග වල ගමනාගමනය තරමක් ප්‍රමාද වී ධාවනය කෙරෙන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ජේ.එන්. ඉඳිපොළගේ මහතා පවසයි. රජයේ නිල පුවත් වෙබ් අඩවිය මේ පිළිබඳව කල විමසීමේ දී ඒ මහතා මේ බව පැවසීය. එමෙන්ම ඊයේ (02) පැවති වර්ෂාව හේතුවෙන් වග සහ කොස්ගම දුම්රිය ස්ථාන අතර පාලමක් ජලයෙන් ගසාගෙන යාම හේතුවෙන් මේ වනවිට කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය වග දුම්රිය ස්ථානය දක්වා සීමා කර ඇත. ඒ අනුව පාලම නැවත අලුත්වැඩියා කරන තෙක් එම දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු සිදු නොවන බවත් හෙතෙම පැවසීය. එමෙන්ම මීරිගම - පල්ලෙවෙල මාර්ගයේ, ගනේගොඩ දුම්රිය මාර්ගයේ වතුර පිරී ඇති නිසා දුම්රිය ධාවනය තරමක් ප්‍රමාද වනු ඇති බව ද ඒ මහතා පැවසීය. මුහුදු බඩ දුම්රිය මාර්ගයේ ද තැනින් තැන වතුර පිරි ඇති නිසා දුම්රිය සංඥා නිසි ලෙස ක්‍රියා නොකරන බව පැවසිය. කෙසේ නමුත් කදුකර ප්‍රදේශයේ දුම්රිය ධාවනයට මේ වන තෙක් බාධා එල්ල වී නොමැති බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.