Saturday, 27 July 2024

විභාග නීති රීති උල්ලංඝනය කරන සහ විභාග වංචනික ක්‍රියාවල නියැලෙන අපේක්ෂකයින් සහ පුද්ගලයින් හඳුනාගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙලක්

Posted On Monday, 13 May 2024 10:24

විභාග නීති රීති උල්ලංඝනය කරන සහ විභාග වංචනික ක්‍රියාවල නියැලෙන අපේක්ෂකයින් සහ පුද්ගලයින් හඳුනාගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙලක්

 

විභාග නීති රීති උල්ලංඝනය කරන සහ විභාග වංචනික ක්‍රියාවල නියැලෙන අපේක්ෂකයින් සහ පුද්ගලයින් හඳුනාගැනීම සඳහා , දිවයිනම ආවරණය වන පරිදි විශේෂ අධීක්ෂණ නිලධාරින් කණ්ඩායමක් යොදවා ඇතැයි විභාග කොමසාරිස් අමිත් ජයසුන්දර මහතා සඳහන් කරයි.

එවැනි පුද්ගලයින් සඳහා තරාතිරම නොබලා නීත්‍යානුකූව කටයුතු කිරීම සඳහා විශේෂ උපදෙස් ලබා දී ඇතැයිද විභාග කොමසාරිස් අමිත් ජයසුන්දර මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගය මැයි මස 06 වැනි දින ආරම්භ කල අතර එළඹෙන මැයි 15 දිනෙන් විභාගය අවසන් වීමට නියමිතය. විභාගයේ පළමු දින 06 මේ වන විට අවසන් වී ඇති අතර, ගණිතය විෂය ඇතුළු තවත් විෂයන් කිහිපයක් මැයි මස 13,14,15 යන දිනයන්හිදී පැවැත් වීමට නියමිතය.

ඒහෙත් විභාග මාධ්‍යස්ථාන කිහිපයකින් වංචනික ක්‍රියා අනවරණය කර ගැනීමට අදාල විභාග කාර්ය මණ්ඩල සහ අධීක්ෂණ කාර්ය මණ්ඩල සමත්ව ඇත. ඒ සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වී අදාළ පොලිස් ස්ථාන දැනුම්වත් කර මූලික විමර්ශන සිදුකොට ඉදිරි විමර්ශන කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත තොරතුරු ලබා දී තිබේ.

ඒ අනුව පසුගිය දිනවල විභාග වංචනික ක්‍රියාවල නියැලුණු අපේක්ෂකයින් සමග ඊට සම්බන්ධ වූ විභාග කාර්ය මණ්ඩල සාමාජිකයින් සහ අදාළ අනෙකුත් පාර්ශව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වන විටත් අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් අදාළ අධිකරණ ක්‍රියාමාර්ග සඳහා යොමු කිරීමට නියමිත බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.