Saturday, 27 July 2024

සාමාන්‍ය පෙළ විභාගයට බාධාවක් ඇති විය හැකි ආකාරයේ බරපතල සිදුවීම් කිසිවක් මෙතෙක් වාර්තා වී නොමැත - විභාග කොමසාරිස්

Posted On Monday, 13 May 2024 10:21

සාමාන්‍ය පෙළ විභාගයට බාධාවක් ඇති විය හැකි ආකාරයේ බරපතල සිදුවීම් කිසිවක් මෙතෙක් වාර්තා වී නොමැත - විභාග කොමසාරිස්

 

මේ දිනවල පැවැත්වෙන අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට බාධාවක් ඇති විය හැකි ආකාරයේ බරපතල සිදුවීම් කිසිවක් මෙතෙක් වාර්තා වී නොමැති බව විභාග කොමාසාරිස් අමිත් ජයසුන්දර මහතා සඳහන් කරයි.

හෙට ආරම්භ වන ගණිතය විෂය සහ ඉදිරි දින වල පැවැත්වීමට නියමිත අනෙකුත් විෂයන්, ක්‍රියාත්මක සියලුම විභාග මධ්‍යස්ථාන කිසිදු ගැටලුවකින් සහ බාධාවකින් තොරව පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සංවිධානය කර ඇතැයිද විභාග කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කරයි. ඒ සඳහා අදාළ නිලධාරින් පළාත් සහ කලාප මට්ටමින් දැනුවත් කර ඇතැයිද හෙතෙම පැවසීය.

මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගය මැයි මස 06 වැනි දින ආරම්භ කල අතර එළඹෙන මැයි 15 දිනෙන් විභාගය අවසන් වීමට නියමිතය. විභාගයේ පළමු දින 06 මේ වන විට අවසන් වී ඇති අතර, ගණිතය විෂය ඇතුළු තවත් විෂයන් කිහිපයක් මැයි මස 13,14,15 යන දිනයන්හිදී පැවැත් වීමට නියමිතය.