පාසල් නිවාසාන්තර ක්‍රීඩා උලෙළ අලුත් අවුරුදු නිවාඩුවෙන් පසුව සංවිධාන කරන ලෙස සියලු පාසල්වල විදුහල්පතිවරුන්ට අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා උපදෙස් දී තිබේ.
සියලු විදුහල්වලට ඒ සම්බන්ධයෙන් චක්‍රලේඛයක් මඟින් දැනුම් දෙන බව ඇමැතිවරයා පැවැසීය.
අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ උෂ්ණාධික කාලගුණ තත්ත්වය නොසළකමින් පාසල් රැසක් නිවාසාන්තර ක්‍රීඩා උළෙල සංවිධාන කර ඇති බව නිරීක්ෂණය වී ඇති බවය.
පළමු පාසල්වාරය අලුත් අවුරුදු නිවාඩුවෙන් පසුව ද ක්‍රියාත්මක වන බැවින් එම කාලයේ දී ක්‍රීඩා තරග පැවැත්වීමේ හැකියාව පවතින බව සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා කියා සිටියේය.
රටේ පවතින උෂ්ණාධික තත්ත්වය මත මේ තීරණය ගනු බව ද ඇමැතිවරයා කීවේය.
මේ අතර වයඹ, උතුරු-මැද, නැගෙනහිර, බස්නාහිර පළාත් සහ මොනරාගල, මන්නාරම, රත්නපුර සහ වවුනියාව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට අද (18) දිනයේ මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
අද දිනයේ දිවයින පුරා ප්‍රධාන වශයෙන් වියලි කාලගුණ තත්ත්වයක් පවතින බවද දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරන අතර මෙම 21 දිනෙන් පසුව යම් තරමක වැසි තත්ත්වයක් ලංකාවේ දකුණු අර්ධයට බලාපොරොත්තු විය හැකිබවද කාර්යයයේ නියුතු කාලගුණ විද්‍යාඥ ශ්‍රීමාල් හේරත් මහතා පැවසීය. ඊයේ(17) පෙරවරු 8.30න් අවසන් වූ පැය 24 තුළ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 38.3ක් ලෙස කුරුණෑගලින් වාර්තා විය. මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින පළාත් සහ දිස්ත්‍රික්කවල ජනතාව ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම, සෙවන ඇති ස්ථානව හැකි පමන විවේක ගැනීම,වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් පිළිබඳව සැලකිලිමත්වීම, කුඩා ළමුන් වාහන තුළ තනියම රඳවා නොයාම, අධික වෙහෙසකාරී කටයුතු සීමා කිරීම, සුදු හෝ ලා පැහැති ඇඳුම් භාවිතා කිරීම වැනි උපක්‍රම භාවිතා කරන ලෙසද දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී. එමෙන්ස සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආපදා පෙර සූදානම් සහ ප්‍රතිචාර දැක්වීමේ ඒකකය මගින් නිකුත් කරන නිවේදන පිළිබඳව අවධානය යොමු කරන ලෙස සහ වැඩි විස්තර සඳහා 011 7446491 දුරකතන අංකයට අමතන ලෙසද නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී. සබරගමුව සහ මධ්‍යම පළාත් වලත් ගාල්ල සහ කළුතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී අද දිනයේ මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කෙරේ.