Sunday, 28 April 2024

නීතිවිරෝධී ලෙස සංක්‍රමණය වීමට තැත් කළ පිරිසක් පිටුවහල් කෙරේ

Posted On Wednesday, 27 December 2023 09:25

නීතිවිරෝධී ලෙස සංක්‍රමණය වීමට තැත් කළ පිරිසක් පිටුවහල් කෙරේ

 

නීති විරෝධීව මුහුදු මඟින් ප්‍රංශයට අයත් රී-යූනියන් දූපත වෙත සංක්‍රමණය වීමට තැත් කළ ශ්‍රී ලාංකිකයන් 14 ක් ගුවන් මඟින් නැවත ශ්‍රීලංකාව වෙත පිටුවහල් කෙරේ

නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ප්‍රංශයට අයත් රී-යූනියන් දූපත වෙත සංක්‍රමණය වීමට උත්සාහ කිරීමේදී අත්අඩංගුවට පත් ශ්‍රී ලාංකිකයන් දහහතර දෙනෙකු (14), 2023 දෙසැම්බර් මස 22 වන දින ගුවන් මඟින් මෙරටට පිටුවහල් කිරීමට රී-යූනියන් දූපතේ ප්‍රංශ බලධාරීන් විසින් කටයුතු කර ඇත.

ඒ අනුව, 2023 දෙසැම්බර් මස 07 වන දින IMUL-A- 0813- KLT දරණ බහුදින ධීවර යාත්‍රාවෙන් සංක්‍රමණය වු පුද්ගලයින් හත් දෙනෙකු (07), 2022 අගෝස්තු මස 22 වන දින IMUL-A- 0813- KLT දරණ බහුදින ධීවර යාත්‍රාවෙන් සංක්‍රමණය වු පුද්ගලයින් දෙදෙනෙකු (02), 2018 වර්ෂයේ ඓMUළ්-ඇ- 0014 Cඹ්O දරණ බහුදින ධීවර යාත්‍රාවෙන් සංක්‍රමණය වු පුද්ගලයින් තිදෙනෙකු (03) සහ 2019 වර්ෂයේ ඉන්දුනීසියාවේ සිට සංක්‍රමණය වු පුද්ගලයින් දෙදෙනෙකු (02) ඇතුළුව පුද්ගලයින් දහහතර දෙනෙකු (14) මෙලෙස අංක UU 0050 දරණ ගුවන් යානයෙන් මෙරටට පිටුවහල් කිරීමට කටයුතු කර ඇත. මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස බේරුවල, හලාවත සහ කලවංචිකුඩි යන ප්‍රදේශයන්හී පදිංචි වයස අවුරුදු 21 ත් 60 ත් අතර වයසේ පසුවන පුද්ගලයන් බවට අනාවරණය වී ඇති අතර, මෙම අනවසර සංක්‍රමණිකයන් සම්බන්ධ ඉදිරි නීතිමය කටයුතු ආගමන විගමන දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා පොලීසිය විසින් සිදුකරනු ලබයි.

එමෙන්ම, මෙවැනි අනවසර සංක්‍රමණිකයන් රී-යූනියන් දූපත වෙත ඇතුළු කරගැනීම සඳහා ප්‍රංශ රජයෙන් කිසිදු අනුග්‍රහයක් හිමි නොවන අතර, ඔවුන් අත්අඩංගුවට ගෙන වහාම නැවතත් මෙරටට පිටුවහල් කරනු ලබන බැවින්, මිනිස් ජාවාරම්කරුවන් විසින් මුහුදු මාර්ගයෙන් සංවිධානය කරනු ලබන අනවසර සංක්‍රමණ සඳහා සහභාගී වීම හෝ අනබලදීමෙන් වලකින ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාව මහජනයා වෙත අවධාරණය කර සිටියි.