Sunday, 28 April 2024

හෙට සහ අනිද්දා දෙදින සුරාසැල් වසා තැබේ

Posted On Sunday, 24 December 2023 15:23

හෙට සහ අනිද්දා දෙදින සුරාසැල් වසා තැබේ

 

හෙටට යෙදෙන නත්තල් දිනය නිමිත්තෙන් සහ අනිද්දා උදුවප් පුර පසලොස්වක පොහොය නිමිත්තෙන් 25 සහ 26 යන දෙදින දිවයින පුරා පිහිටි මත්පැන් විකිණීමේ සුරාබදු බලපත්‍රලත් ස්ථාන වසා තැබීමට සුරාබදු කොමසාරිස් ජනරාල් කපිල කුමාරසිංහ මහතා විසින් නියෝග කර තිබේ.

සංචාරකයන්ගේ පහසුව උදෙසා මත්පැන් විකිණීම සදහා සුරාබදු බලපත්‍ර ලත් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ අනුමැතිය ලද හෝටල් සම්බන්ධයෙන් එම නියෝගය බල නොපැවැත්වෙන බව එම නිවේදනයේ සඳහන් වේ.