Saturday, 27 April 2024

නව තානාපතිවරු දස දෙනෙක් ජනපතිට මහනුවරදී අක්ත පත්‍ර භාර දෙති

Posted On Monday, 06 November 2023 06:14

නව තානාපතිවරු දස දෙනෙක් ජනපතිට මහනුවරදී අක්ත පත්‍ර භාර දෙති

 

ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු දස දෙනෙක් ඊයේ (05) පෙරවරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය අක්ත පත්‍ර භාර දුන්හ.

ලැට්වියා රජරජය, පිලිපීනය, කාම්බෝජියාව, පෘතුගාලය, සුරිනාම් ජනරජය, ජිබුටි ජනරජය, ඇංගෝලා ජනරජය, පින්ලන්තය, බොලිවාරියානු වෙනිසුවේලා ජනරජය සහ නෝර්වේ ජනරජය සඳහා මෙලෙස නව තානාපතිවරු පත්ව සිටිති.

අද අක්ත පත්‍ර භාරදුන් නව තානාපතිවරුන්ගේ නම් පහත පරිදි වේ.

1.ජූරිස් බොන් මහතා – තානාපති – ලැට්වියා ජනරජය
H.E. Mr. Juris Bone – Ambassador of the Republic Latvia
2.ලියෝ ටිටෝ අවුසන් මහතා – තානාපති – පිලිපීනය
H.E. Mr. Leo Tito Ausan. JR – Ambassador of the Republic of Philippines
3. කේ ක්වාංග් මහතා – තානාපති – කාම්බෝජියා රාජධානිය
H.E. Mr. Kay Kuang – Ambassador of the Kingdom of Cambodia
4. ජොවා මැනුවෙල් මෙන්දෙස් දි අල්මේදා – තානාපති – පෘතුගාල ජනරජය
H.E. Mr. Joao Manuel Mendes de Almeida – Ambassador of the Portuguese
5. අරුන්කොමාර් හාඩියන් මහතා – තානාපති – සුරිනාම් ජනරජය
H.E. Mr. Arunkoemar Hardien – Ambassador of the Republic of Suriname
6. ඉස්සේ අබ්දිල්ලාහි අස්සෝවිහ් මහතා – තානාපති – ජිබුටි ජනරජය
H.E. Mr. Isse Abdillahi Assoweh – Ambassador of the Republic of Djibouti
7. ක්ලෙමෙන්ටේ පේඩ්‍රෝ කමෙන්හා මහතා – තානාපති – ඇංගෝලා ජනරජය
H.E. Mr. Clemente Pedro Camenha – Ambassador of the Republic of Angola
8. කිම්මෝ ලහ්ඩෙවිර්ටා මහතා – තානාපති – පින්ලන්ත ජනරජය
H.E. Mr. Kimmo Lahdevirta – Ambassador of the Republic of Finland
9. කපායා රොද්‍රිගුවෙස් ගොන්සාලෙස් මහත්මිය – තානාපති – බොලිවාරියානු වෙනිසුවේලා ජනරජය
H.E. Ms. Capaya Rodriguez Gonzalez – Ambassador of the Bolivarian Republic of Venezuela
10. මේ-එලින් ස්ටෙනර් මහත්මිය – තානාපති – නෝර්වේ රාජධානිය
H.E. Ms. May-Elin Stener – Ambassador of the Kingdom of Norway

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි, ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.