Saturday, 27 April 2024

දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 2.00න් පසු වැසි

Posted On Monday, 06 November 2023 06:06

දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 2.00න් පසු වැසි

 

දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පව්සයි.

බස්නාහිර, මධ්‍යම, සබරගමුව, වයඹ, උතුරුමැද සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැක.

උතුරු, නැගෙනහිර සහ දකුණු පළාත්වල උදෑසන කාලයේදී ද වැසි ඇතිවිය හැක.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවද අද (05) නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.