ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු මෙන්ම මාධ්‍ය ආයතන හිමිකරුවෙකු වන දිලිත් ජයවීර මහතා මව්බිම ජනතා පක්ෂයේ සභාපතිවරයා වශයෙන් නම්කරන සංවිධානයක් මැතිවරණ කොමිසමේ නැවත ලියාපදිංචි කර තිබේ. ඔහු පක්‍ෂයේ නායකයා බවත්, ජ්‍යෙෂ්ඨ නායකයා ලෙස ආචාර්ය හේමකුමාර නානායක්කාර මහතා නම් කර ඇති බවත් පක්ෂයේ නිලධාරී ලැයිස්තුවේ සඳහන් වේ. ලසන්ත වික්‍රමසිංහ මහතා මෙලෙස පිහිටුවන ලද මව්බිම ජනතා පක්ෂයේ ලේකම්වරයාය.