Sunday, 28 April 2024

ප්‍රංශ නාවික හමුදාවට අයත් ලොරේන් කොළඹට.  

Posted On Tuesday, 11 July 2023 10:03
 
ප්‍රංශ නාවික හමුදාවට අයත් ලොරේන් නෞකාව සංචාරයක් සඳහා අද (11)පෙරවරුවේ කොළඹ වරායට සේන්දු විය. නාවික සම්ප්‍රදායානුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නෞකාව පිළිගන්නා ලදී.
 
මීටර් 142.20 ක් දිග මෙම නෞකාව කාර්ය මණ්ඩල සාමාජිකයින් 154 දෙනෙකුගෙන් සමන්විත ගුවන් ආරක්ෂක බහුකාර්ය නෞකාවක් වන අතර, කපිතාන් Xavier Baggot  එහි අණදෙන නිලධාරිවරයාය. නෞකාවේ අණදෙන නිලධාරීවරයා අද බටහිර නාවික විධාන මූලස්ථානයේදී බටහිර නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා මහතා හමුවිය. ඔවුන් ශ්‍රී ලංකාවේ රැඳී සිටින කාලය තුළ නෞකාවේ කාර්ය මණ්ඩල සාමාජිකයින් දිවයිනේ සංචාරක ආකර්ෂණ ස්ථාන කිහිපයක් නැරඹීමට අපේක්ෂා කෙරේ.
 
ලොරේන් ජූලි මස 15 වන දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිත අතර, පිටත්ව යන විට ගමන් අභ්‍යාසයක් පවත්වනු ඇත.