Thursday, 29 May 2025

බැතිමතුන් තුළ බියට, නයිනතිව් කෝවිලට නාගයන් තිදෙනෙකු

Posted On Monday, 19 June 2023 15:44

යාපනය, නයිනතිව් දූපතේ කෝවිලක වාර්ෂික මංගල්‍යයේදී බැතිමතුන් බියට පත් කරමින් නාගයින් තිදෙනෙකු කෝවිලට ඇතුළුවීමත් සමඟ නොසන්සුන්කාරී තත්ත්වයක් (17) ඇති විය. කෝවිලේ භාරකරුවන් සහ කුරුක්කල් ඔවුන් පලවා හැරීමට ස්ලෝකගායනා කර ඇතත් එය සාර්ථක වී නැත.

 
පසුව සර්පයන් කෝවිල් පරිශ්‍රයෙන් එළියට පැන ඇත. කෝවිල තුළ,  සර්පයින් සිටින බවට පූජකවරුන් විවිධ මත පළ කළදබැතිමතුන් එම මංගල්‍යයට සහභාගි වූයේ කල්පනාකාරීවය.