Friday, 06 June 2025

පොලිස් නිලධාරීන් පස් දෙනෙකු විදේශ පැවරුම් අවසන් කර පැමිණීමට අපොහොසත්

Posted On Monday, 19 June 2023 03:51

ප්‍රංශයේ පැවති ජාත්‍යන්තර පොලිස් සංගම් සමුළුවට සහභාගී වූ රථවාහන අංශයට අනුයුක්ත පොලිස් ක්‍රීඩා කොට්ඨාශ නිලධාරීන්සිව් දෙනෙකු ආපසු පැමිණ නැත. ඔවුන් සමඟ ගිය උප පොලිස් පරීක්ෂකවරයෙකු වසර 5ක කාලයක් නිවාඩු ලබාගෙන ඇති අතර, ඔහු එංගලන්තයේ රැඳී සිටීමට තීරණය කර තිබේ.

මෙම පොලිස් නිලධාරීන් මැයි 23 වැනිදා යළි දිවයිනට පැමිණීමට නියමිතව තිබුණි. නිවාඩු අවසන් වූ බව නිලධාරීන් ට දන්වාලිපියක් නිකුත් කර ඇති බව  පොලිස් ආරංචි මාර්ග  කියයි.
පස් කන්දක් කඩා වැටීමෙන් ඉදිකිරීම් සේවකයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට.