Friday, 06 June 2025

ගැසට් නිවේදනයකින් ඖෂධ වර්ග හැටක මිල අඩු වේ

Posted On Thursday, 15 June 2023 21:53

 

ඖෂධ වර්ග 60ක මිල ජුනි 26 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 16කින් අඩු කරමින් සෞඛ්‍ය ඇමති කෙහෙළියරඹුක්වැල්ල මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

මෙම ඖෂධවලට ඇමොක්සිසිලින් සහ ක්ලවුලානික්, ක්ලැරිට්‍රොමිසින්, ඇසිට්‍රොමිසින්, ඇසිට්‍රොමිසින්, ඇටෙනොලෝල්, ඇටෝර්වාස්ටැටින්, ඉන්සියුලින් සහ තයිරොක්සින් ඇතුළත් වේ.