වෙස්ටන් රෝහලේ වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් තාවකාලිකව අත්හිටුවන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලබාදුන් නියෝගය අත්හිටුවමින් අභියාචනාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කර තිබෙනවා.
වෙස්ටන් රෝහලේ සිදු වූ බව කියන වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුව සැත්කම් තාවකාලිකව අත්හිටුවන ලෙසට මීට පෙර නිර්දේශ කර තිබුණි.
වෙස්ටන් රෝහලේ නිර්මාතෘ සහ සභාපති මහාචාර්ය රෙස්වි ෂෙරිෆ් විසින් ගොනු කරන ලද රිට් පෙත්සමකට සලකා බැලු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ එම්.ඒ.ආර්. මරික්කාර් යන විනිසුරුවරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණයේ ද්විපුද්ගල විනිසුරු මඩුල්ල නියෝගය නිකුත් කර ඇත. දැනටමත් රෝහලේදී අනුමත කර ඇති සැත්කම් සිදුකිරීමට අවසර දෙන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට බල කරන මැන්ඩමස් ආඥාවක් වැනි නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරුවන් ඉල්ලා සිටි.