තමන්ව පොලිස් අත්අඩංගුවට ගැනීමට එරෙහිව නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා දේවගැති ජෙරොම් ප්‍රනාන්දු ගොනු කළමූලික අයිතිවාසිකම් පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස ඇල්ලේ ගුණවංශ හිමියෝ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිති.
අතරමැදි පෙත්සම්කාර ඇල්ලේ ගුණවංශ හිමියන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ දේවගැති ජෙරොම් මහතාට අතුරු සහන ලබාදීමප්‍රතික්ෂේප කරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසයි.
ජෙරෝම් ප්‍රනාන්දු දේවගැතිවරයා සිය මූලික අයිතිවාසිකම් පෙත්සමෙන් ප්‍රකාශ කළේ 2023 අප්‍රේල් 30 වැනි දින තමන් විසින්පවත්වන ලද දේශනාව පොලිසිය විසින් මහේස්ත්‍රාත් අධිකරණයට ගොනු කර ඇති බී වාර්තාවේ සඳහන් වන පරිදි කිසිදු වරදක්නොවන බවයි.
කෙසේ වෙතත්, ප්‍රධාන ආගම් හතරටම අවමන් සහගත ප්‍රකාශ කිරීම හේතුවෙන් ජෙරොම් ප්‍රනාන්දු විසින් කරන ලද ප්‍රකාශ ප්‍රකටවිකට රංගන ශිල්පිනී නතාෂා එදිරිසූරිය කළ බවට වාර්තා වන ප්‍රකාශවලට වඩා අතිශය නින්දිත බව ගුණවංශ හිමියන් ප්‍රකාශකළා.
දණ්ඩ නීති සංග්‍රහයේ 291 බී වගන්තිය සහ ICCPR පනතේ 3 වැනි වගන්තිය යටතේ ජෙරොම් දේවගැතිවරයා වැරදි කර ඇතිබවට ඔප්පු කිරීමට ඕනෑ තරම් සාක්‍ෂි ඇති බවත්, ඒ අනුව ඔහුව වහාම අත්අඩංගුවට ගෙන නීතිය අනුව විමර්ශනය කළ යුතුබවත් ගුණවංශ හිමියෝ වැඩිදුරටත් ප්‍රකාශ කළහ. එබැවින් ජෙරොම් දේවගැතිවරයා විසින් ඉල්ලා සිටින සහන ලබා නොදිය යුතුබවත්, අධිකරණ කටයුතු ආරම්භයේදීම (සීමාවෙන්) ඔහුගේ පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙසත් ගුණවංශ හිමියෝ අධිකරණයෙන්ඉල්ලා සිටියහ.